නේපාලයේ ඇතිවූ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට ආධාර සහසහන කණ්ඩායම් රැගත් ගුවන් හමුදාවේ සී 130 ගුවන් යානයක් පිටත්වේ

පසුගියදා නේපාලයේ ඇතිවූ දරුණු භූමි කම්පාවෙන් විපතට පත්වූ නේපාල වැසියන්ට ආධාර සහ සහන කණ්ඩායම් රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා‍වේ සී 130 ගුවන් යානයක් පසුගිය අප්‍රේල් මස 26 වන දින උදෑසන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් පිටත්විය.

නේපාලයේ කත්මන්ඩු බලා පිටත්වුණු මෙම මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානයක් විදෙස් රටක ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමක නිරත වන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි.  එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයක් මීට පෙර කත්මන්ඩු බලා පියාසර කර නොමැති අතර ස්කොඩ්රන් ලීඩර් වීජීපී මහානාම ගේ නායකත්වයෙන් සහ සහායක නියමු විංග් කමාන්ඩර් ඩීකේඑම් ක්‍රිෂාන්ත ඇතුළු ගුවන් යානා කාර්ය මණ්ඩලය එලෙස ගොඩබසින ලද ප්‍රථම කණ්ඩායම වෙයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.