අන්තර් ඒකක බොක්ෂිං තරඟාවළිය 2015

2015 අන්තර් ඒකක බොක්ෂිං තරඟාවළිය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී වත්වන ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වෙනි රෙජිමේන්තු පක්ෂාංගය පිරිමි ශූරතාවය දිනාගනු ලැබූ අතර ඒක ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා ශූරතාවය දිනා ගන්නා ලදි.

වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ගුවන් භට ඉන්දික  සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ගුවන් කාන්තා ජයසිංහ පිළිවෙලින් දක්ෂතම බොක්ෂිං ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ලන්නා ලදී.

ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා පුධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා බොක්ෂිං සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ, ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.