නේපාල භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට දෙවන ආධාර සහ සහන කණ්ඩායම රැගත් ගුවන් හමුදා සී 130 ගුවන් යානය පිටත්වේ

පසුගියදා නේපාලයේ ඇතිවූ ප්‍රභල භූ කම්පනය හේතුවෙන් අවතැන් වූවන් සඳහා ආධාර සහ සහන කණ්ඩායම් රැගත් දෙවන ගුවන් යානය පසුගියදා කත්මන්ඩ නුවර බලා පිටත් විය.

මෙම ගුවන් යානය පළමු සහන කණ්ඩායම රැගෙන කත්මන්ඩු නුවර බලා පියාසර කල ස්කොඩ්රන් ලීඩර් වීජීපී මහානාම සහ සහායක නියමු විංග් කමාන්ඩර් ඩීකේඑම් ක්‍රිෂාන්ත විසින් ම රැගෙන යනු ලබයි.

ගුවන් හමුදා සී 130 ගුවන් යානය නේපාලයේ සහන සේවා කටයුතු සඳහා තවත් ගුවන් ගමන් වාර ගණනාවක් කිරිමට සූදානමින් සිටියි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.