අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවළිය 2015

ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවළිය පසුගිය මැයි මස 07 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී නිමාවට පත්විය. රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්ෂණිත පක්ෂාංගය සහ රත්මලාන ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන්ට හිමිකම් කියන ලදී.

ඒකල ගවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා පිරිමි අංශ දෙකෙහිම අනුශූරතාවය දිනා ගන්නා ලදී.

සැරයන් ලසන්ත ආර්එම්ආර්පීආර්සී සහ ගුවන් කාන්තා සමරවීර ජේඒකේඑල් දක්ෂතම බොක්ෂිං ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි සමිමාන දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා ස්කෝෂ් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වු අතර ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එල්එච්ඒ සිල්වා, ගුවන හමුදා නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.