අම්පාර ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය මැයි මස 08 වන දින අම්පාර් ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදි.

අම්පාර ගුවන් හමුදා කඳවුරු වැඩ බලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජගත් ගොඩකන්ද විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගන්නා ලදි. එහිදී ගුවන් හමුදාධිපති ආචාර පිළිගැන්වූ මාර්ග පෙළ ඛණ්ඩය සඳහා ෆ්ලයිට් ලෙෆ්ටිනන් කේඩබ්එම්සීකේ කරැණාරත්න විසින් අණදෙන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සෑම අංශයක්ම නිරීක්ෂණය කරන ලද අතර පරීක්ෂණය අවසානයේදී කඳවුරේ සියලු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇමතීමද සිදු කරන ලදී. එහිදී 019733 නායක ගුවන් භට දිසානායක ඩීඑම්ජී ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.


       

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.