නයිජීරියානු ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

නයිජීරියානු ආරක්‍ෂක විද්‍යාලයේ 20 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත මණ්ඩලයක් පසුගිය මැයි මස 12 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ආරක්‍ෂක විද්‍යාලයේ පීඨාධිපති කොමඩෝර් චුක්වුකා ජොයෙල් චිලී ප‍්‍රධාන කොටගත් නයිජීරියානු ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් සහ සිවිල් සේවා නිළධාරීන් එක් අයෙකුගෙන් මෙම මණ්ඩලය සමන්විත විය.  
 
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න විසින් මෙම පිරිස ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගනු ලැබු අතර ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකයේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරී ගෘප් කැප්ටන් උදේනි රාජපක්ෂ විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්ය භාරය හා ව්‍යුහය පිළිබඳව විශේෂ දේශනයක් මෙහෙයවන ලදී. එසේම මොවුන් හට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගග්න බුලත්සිංහල හමුවීමේ අවස්ථාවක්ද හිමිවිය.
 
සංචාරය නිමා කරමින් කොමඩොර් චුක්වුකා ජොයෙල් චිලී සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර සුහද සාකච්ඡාවක්ද පවත්වන ලදී. මෙහිදී සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.