නෝපාලයේ සහන සේවා කණ්ඩායම ඇගයීමේ උත්සවයක්

පසුගියදා නේපාලයේ ඇති වූ හදිසි භූමිකම්පාව හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීෙම් කටයුතු වල නිරතව  වූ කණ්ඩායම විශේෂ ඇගයීමක් ජනාධිපති මෛර්‍ත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි මස 18 වන දින අරලිය ගහ මන්දිරයේදී පවත්වන ලදී.
 
උත්සවයේ මුලසුන අතිගරු ජනාධිපතිතුමන් විසින් හෙබවූ අතර ත්‍රිවිධ හමුදාධිපතිවරුන්,  සිවිල් වෛද්‍ය විශේෂඥයින් සිවි දෙනෙකු සහ සහන සේවා කටයුතු වල නිරත වූ යුධ,  ගුවන් සහ නාවික හමුදාවන්හි සාමාජිකයින් ජනාධිපතිතුමන් අතින් සම්මාන හිමිකර ගන්නා ලදී.
 
මෙහිදී ජනාධිපතිතුම්න සහ අත්‍රාමාත්‍යතුමන් විසින් සහන සේා කටුයුතු වල නිරත වූ කණ්ඩායමට සුභ පැතූ අතර ඔවුන් විසින් දැක්වූ එම සු‍විශේෂී කාර්යය ඇගයීමද සිදුකරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.