මීරිගම ගුවන් හමුදා කඳවුර සහ 04 ගුව්න ආරක්ෂණ රේඩාර් බලඝණය සිය 8 වන සංවත්සරය සමරයි

මීරිගම ගුවන් හමුදා කඳවුර සහ අංක 04 ගැවන් ආරක්ෂණ රේඩාර් බලඝණය සිය 08 වන සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. කඳවුරැ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එස්සීකේ පල්ලෙවෙල ගේ අනුදැනුම මත සංවත්සර දින වැඩසටහන් මාලාව මැයි මස 25 වන දින ආරම්භ කරන ලදී.

කොටදෙනියාව කණ්ෂ්ඨ විද්‍යාලයේ වෛද්‍ය සායනයක් පසුගිය මැයි මස 28 වන දින පවත්වන  ලද අතර එහිදී වෛද්‍ය පහසුකම් සහ දන්ත වෛද්‍ය පහසුකම් ලබා දෙන ලදී.

අඹේපුස්ස බෝතලේ පිහිට එවර් චිල්ඩ්රන් ආබාධීත ළඹා නිවාසයේ විශේෂ වැඩසටහනක් මැයි මස 28 වන දින සිදු කරන ලදී.
ජූනි මස 01 වන දින වැඩපෙළපාලියෙන් සංවත්සර දින වැඩසටහන ආරම්භ කරන ලද අතර පෙළපාලිය කඳවුරු අණදෙන නිළධාරීතුමන් විසින් නිරීක්ෂණය කරන ලදී. ක්‍රිකට් තරඟාවළියක් පවත්වන ලද අතර සියළු නිළයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.