අංක 111 නියමුවන් රහිත බලඝණය සිය 07 වන සංවත්සරය සමරයි

අංක 111 නියමුවන් රහිත බලඝණය බලඝණය සිය 07 වන සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. 1996 වසරේදී අංක 11 නියමුවන් රහිත ගුවන් යානා බලඝණය වව්නියාව කඳවුරේදී  ආරම්භ කරන ලදී. එය 2008 වසරේ ර්‍ජනි මස 01 වන දින අංක 111 සහ අංක 112 බලඝණ ලෙ වෙන් විය. මානුෂීය මෙහෙයුමේදී අංක 111 බලඝණයේ සර්චර් මාර්ක් 11 නියමුවන් රහිත ගුවන් යානය සුවිශාල කාර්යය භාරයක් ඉටු කරන ලදී.

සාලියපුර මානසික ආබාද සහත ළමුන්ගේ සංරක්ෂන නිවාසයේ පසුගිය මැයි මස 29 වන දින ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.
ජූනි මස 01 වන දින වැඩපෙළපාලියෙන් සංවත්සර දින වැඩසටහන ආරම්භ කරන ලද අතර පෙළපාලිය පවත්වන ලද අතර එහිදී වසරෙ ්ගුවන් භටයා සම්මානය 23320 සැරයන් රණසිංහ එච්ඒඩීඩබ් විසින් දිනා ගන්නා ලදී. 29094 කෝප්‍රල් මීටියාගොඩ ටීඒඅයිඑම්, 30328 කෝප්‍රල් ගුණසේකර ජීඩීඑස් සහ 37646 නායක ගුවන් භට ඉන්දික එම්එච්ආර්පී හට ඇගයීමේ සහතික පත්‍ර ලබා දෙන ලදී.

ක්‍රිකට් තරඟාවළියක් පවත්වන ලද අතර මේ අවස්ථාව සඳහා කඳවුරැ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩීකේ වනිගසූරිය සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.