සීගිරිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට

ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් ෙකා්ලිත ගුණතිලක පසුගිය ජූනි මස 05 වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිය වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී. සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්එච්එන් ජයතිලක විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගනු ලැබූ අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන් එන්පී නෝනිස් විසින් ගුවන් හමුදාධිපති සම්මාන පිරිනැමූ මාර්ග පෙළ ඛණ්ඩයට අණදෙන ලදී.

පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් සියළු නිළයන් අමතන ලද අතර එහිදී කඳවුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කඳවුරු සාමාජික සාමාජිකාවන් ‍දක්වන ලද දායකත්වය ඇගයීමට ලක්කෙරිණි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.