ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා දකුණු සුඩානය බලා පිටත්වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා වංශකතාව නව මගකට යොමු කරමින් තවත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බළඝණයක් දකුණු සුඩානයේ් සාම සාධක හමුදාවට අනුයුක්ත කෙරේ.

එම් අයි 17 හෙලිකොප්ටර් යානා තුනක් (3) සමගින් නියමුවන් ගුවන් යානා ඉංජිනේරුවන් සහ 104 ක කාර්ය මණ්ඩලයක් මෙම රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිතව ඇත. මෙම බලඇණියේ පුධාන අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් විශ්ව සාමන්ත කටයුතු කරනු ලැබේ.

මෙහි මුල් කණ්ඩායම ලෙස ගුවන් හමුදා නිළධාරීන් 02 ක්ද ගුවන් භටයින් 10 ක් සහ  එම් අයි 17 හෙලිකොප්ටර් යානා තුනක් (3) ක්, ඒ එන් 124 ගුවන් යානයකින් 2015 ජුනි මස 06 වන දින ප්‍රවාහනය කර ඇත. එදින මුලික බඩු පැටවීෙමි කාර්ය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ අධීක‍ෂණය යටතේ (05) පස්වන දින ගුවන් හමුදා කටුනායක කදවුරේදී සිදු කෙරුණි.
මෙම එක්සත් ජාතීන්ගේ රාජකාරින් සඳහා තෝරාගැනීම සඳහා රටවල් රාශියක් අයදුම් කලද ඔවුන් අභිබවා මෙම අනගි අවස්ථාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විණී. නියමුවන්ගේ පරිණතභාවය තාක‍ෂණික දැනුම සහ පලපුරුදු භට පිරිස්වල විනය ගරුක බව සහ වෘත්තීය නිපුණත්වය යන අංගයන් පිළිබඳව කරනු ලැබූ සියුම් පරික‍ෂණයන් අවසානයේදී ගුවන් හමුදාවට මෙම අවස්ථාව ලබාගැනීමට හැකියාව ලැබුණී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙම වෘත්තීමය සාර්ථකත්වය ගුවන් හමුදාවට පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවටම ජයග්‍රහණයක් වන අතර ලාංකීය හමුදාවන් පිළිබඳව අන්තර්ජාතිකව තිඛෙන විශ්වාසය සහ පිළිගැනීම මෙමගින් තවදුරටත් තහවුරු වේ.
භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ පුද්ගල ප්‍රවාහනය, ආහාරපාන/භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් පැනීම්, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය තම සක්‍රීය දායකත්වය මෙහිදී ලබා දෙනු ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.