අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම් තරගාවළිය 2015

පසු ගිය ජුනි මස 08 වෙනිදා සිට 13 වෙනිදා දක්වා පැවති අන්තර් ඒකක ජල පන්දු සහ පිහිනුම්  තරගාවළිය සඳහා සියළු කඳවුරු නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විශාල ප‍්‍රමාණයක් සහභාගී වු අතර පිරිමි හා කාන්තා ශූරතාවය පිළිවෙලින්  අනුරාධපුර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කදවුර හා කොළඹ කදවුර හිමි කරගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිෂ් මාර්ෂල් කේ යහම්පත් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර ගුවන් හමුදා ජලක්‍රීඩා හා පිහිනුම් සංගමයේ සභාපති එයාර් කොමඩෝර් සීපී වැලිකල සහ තවත් ගුවන් හමුදා නිළධාරීන් නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැසක් සහභාගී විය.

සමස්ථ ප්‍රතිඵල
ජලක්‍රීඩා හා පිහිනුම් පිරිමි
ශූරතාවය          - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අනුරාධපුර
අණුශූරතාවය    - ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය

 
ජලක්‍රීඩා හා පිහිනුම් කාන්තා
ශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ
අණුශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසැල ඒකල


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.