ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩා කන්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සඳහා චීනයේ සංචාරයකට  සහභාගී වූ ගුවන් හමුදා මලල ක්‍රීඩා කන්ඩායම 2015 ජුනි මස 09 වන දින නැවත දිවයිනට පැමිණියා.

මෙම ගුවන් හමුදා මලල ක්‍රීඩා කන්ඩායමේ සභාපති එයාර් කොමදෝර් එස් කේ පතිරණ හා එහි ලේකම් ගෘෘප් කපිතාන් ඩී මුණසිංහ යන අයගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩක ක්‍රීඩකාවන් මෙම තරගාවලියේදී ඉහල දස්කම් දැැක්වීමට සමත්විය. මෙහිදී වසර 22කට පසුව කාන්තා මීටර් 800 දුර දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම නායක ගුවන් කාන්තා නිමාලි ඩබ් කේ එල් දිනාගන්නා ලද අතර පිරිමි උස පැනීමේ ඉසව්වෙන් සිවිවන ස්ථානය දිනාගැනීමට කෝප්‍රල් මංජුල කුමාර ඩබ් පී විසින් ද කාන්තා මීටර් 400 දුර දිවීම ඉසව්වේ සිවිවන ස්ථානය ෆ්ලයින් ඔපිසර් රස්නායක විසින් ද කාන්තා මීටර් 4x400 දුර දිවීම ඉසව්වේ පස්වන ස්ථානය නායක ගුවන් කාන්තා ගුණරත්න වයි එම් ඩබ් ඒ එම් විසින් ද දිනාගැනීමට සමත්විය.

පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් හමුදා මලල ක්‍රීඩා කන්ඩායමේ උප ලේකම් විංග් කමාන්ඩර් කේ සී සේරසිංහ සහ කන්ඩායමේ අධ්‍යක්ෂක බලපංති සැරයන් ප්‍රසන්න විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.