ගුවන් හමුදා භට කණ්ඩායමක් සාම සාධක හමුදා රාජකාරි සඳහා දකුණු සූඩානය බලා පිටත්වේ

දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් ඒකකයක් ප්‍රථම වරට පිහිටුවීමට නියමිත අතර , ඒ සඳහා වන අවසන් භට කණ්ඩායම ඊයේ දිනයේ (2015 ජුනි 21) දිවයිනෙන් පිටත්ව යන ලදී.

ප්‍රථම කණ්ඩායම ලෙස නිළධාරීන් දෙදෙනෙක් (02) ගුවන් භටයින් දස දෙනෙකුගෙන් (10)යුත් ගුවන් හමුදා භට කණ්ඩායමක් හා එම් අයි 17 වර්ගයේ ගුවන්යානා 03 ක් 2015 ජුනි මස 06 වන දින දකුණු සූඩානය බලා ඒ එන් 124 දරණ ගුවන් යානයෙන් පිටත්කර හරින ලදී. තවද අවශ්‍ය බඩු බාහිරාදිය ජුනි මස 06 වන දා සිට 20 වන දා දක්වා වරින් වර ගුවන් ගමන්්වාර පහකින් සුඩානය වෙත ප්‍රවාහනය කරන ලදී.

භට පිරිස් ප්‍රවාහනයල ප්‍රභූ පුද්ගල ප්‍රවාහනය ආහාර පාන/ භාණ්ඩ ප්‍රවාහනය අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් හෙලීම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය තම සක්‍රීය දායකත්වය මෙහිදී ලබා දීමට නියමිතව ඇත.


                 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.