ලකඹර සුරැකි විරුවන් සදා සමරමු

ලකඹර සුරකිමින් තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන රණවිරු සැමරුම් උළෙල ඒකල ගුවන් හමුදා රණවිරු ස්මාරකය අභියසදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2015 ජුලි 03 වන දින පස්වරුවේ පැවැත්විණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රණවිරු අනුස්මරණ උත්සවය සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරින් ඇතුළු ගුවන් හමුදා නිළධාරින් සහ සෙසු නිළයන්ද මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාඡික/ සමාඡිකාවන් ඇතුලූ විශාල පිරිසක්ද සහභාගී විය.

ප්‍රථමයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමා විසින් පළමු මල් වඩම තැන්පත් කල අතර  දෙවනුව ගුවන් හමුදාවෙි හිටපු ගුවන් හමුදාධිපතිවරයෙකු වන එයාර් චීෆ් මාර්ෂල් වෝල්ටර් ප්‍රනාන්දු මහතා විසින්   තැමිපත් කල අතර අනතුරුව පිලිවෙලින් එයාර් වයිස් මාර්ෂල්  එමිඑල්කේ පෙරේරා හා අනෙකුත් සියලූ සේවා/සිවිල් පුද්ගලයන් ඊට සහභාගී විය. ඉන්පසු මියගිය රණවිරුවන්ගේ පවුල්වල භාර්යාවන් හා ඔවුන්ගේ දරු දැරියන් විසින් ස්මාරකය වෙත මල් කළඹ තැන්පත් කරන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.