ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවය 2015

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවය, 2015 ජුලි මස 13 වන දින උඣීසන 0800 පැයට කොළඹ 10 කැප්ටන් ගාර්ඩන් ශ‍්‍රී කයිලාසනාදර් ස්වාමි කෝවිලේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම හින්දු ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබන්‍දාන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකිරීම, සක‍්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිමද මෙහිදී සිදු විය.

මෙම පූජෝත්සවය සඳහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන්  හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් ඇතුන්‍දා මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයින්ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.