අබාධිත ගුවන් භටයෙකු හට ලැප්ටොප් පරිඝණකයක් ප්‍රධානය කරයි

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී බෝමිබ පිපිරීමකින් අබාධයකට ලක්ව දැෑස් දෙක අන්ද වු 05735 නායක ගුවන් භට සූරියආරචිචි එස්.ඒ.එස්.ඒ යන අයගේ වැඩිමහල් පුතා හට පරිඝණකයත් ලබා දීමට සේවා වනිතා ඒකකය මගින් පියවර ගත්හ.

මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සමන්ති බුලත්සිංහල මහත්මියගේ අනුග්‍රහය යටත් අද දින (13) ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සේවා වනිතා ඒකකය පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙම පරිත්‍යාගය රණවිරු සුභසාධක අරමුදල හරහා සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට එයාර් කොමඩෝර් පීඩීඒ මාරිස්ටෙලා යන අයද සහභාගී විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.