අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2015

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ඒකල, 2015 අන්තර් ඒකක ගුවන් මේස පන්දු ශූරතාවය දිනා ගැනීමට පසුගිය  ජූලි මස 17 වන දින සමත්කම් දක්වන ලදි. එහි අනුශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලදි.

කටුනායක ගුවන් හමුදා ක‍්‍රීඩා සංකීර්ණයේ පැවති මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ඒ එචි විජේසිරි ගුවන් හමුදා මේස පන්දු සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් කේ එල් රණතුංගල ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් රැසක් සහභාගී විය.

පිරිමි ඒකල විවෘත

පළමු ස්ථානය - නාගුභ සමන්ත - කටුනායක ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - වසන්ත මහතා - රත්මලාන ගුවන් හමුදා කඳවුර

කාන්තා ඒකල විවෘත
පළමු ස්ථානය -  නා ගු කා ශානිකා -  හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - සැරයන් කුමාරි මැණිකේ  - අනුරාධපුර ගුවන් හමුදා කඳවුර

පිරිමි යුගල ශූරතාවය
නාගුභ සමන්ත - කටුනායක ගුවන් හමුදා කඳවුර
වසන්ත මහතා - රත්මලාන ගුවන් හමුදා කඳවුර

කාන්තා යුගල ශූරතාවය
සැරයන් කුමාරි මැණිකේ  - අනුරාධපුර ගුවන් හමුදා කඳවුර
නාගුකා මෙිනකා - ඉරණමඩු ගුවන් හමුදා කඳවුර

මිශ්‍ර යුගල ශූරතාවය
නාගුභ සමන්ත - කටුනායක ගුවන් හමුදා කඳවුර
සැරයන් කුමාරි මැණිකේ  - අනුරාධපුර ගුවන් හමුදා කඳවුර


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.