ගුවන් හමුදාපතිතුමන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ගෞරවයට ප්‍රාප්තවෙයි

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවධානය කරන ලද පාපැදි සම්මේලන විශේෂ කමිටු රැස්වීමක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී 2015 ජුලි සම 19 වන දින පැවැත්විය. මෙහිදී ගුවන් හමුදාපතිතුමන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ගෞරවයට ප්‍රාප්තවෙයි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයෙහි හිටපු සභාපති ලෙස එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා 2012 හා 2013 වර්ෂ වලදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙනුවෙන් කල ඉමහත් සේවය මෙම අවස්ථාවිදී කමිටු සාමාජිකයන්ගේ ඇගයීමට ලක්විය.
   
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයෙහි සභාපති දොස්තර අමල් හර්ෂ ද සිල්වා, පාපැදි සම්මේලනයෙහි ලේකම් ගෘෘප් කැප්ටන් කීර්ති ලීලාරත්න හා පාපැදි සම්මේලනයෙහි සාමාජිකයන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.          

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.