බොල්ගොඩ එන්ඩියුරන්ස් චැලේන්ජ ඔරු පැදීෙමි තරඟාවලිය

පළමු බොල්ගොඩ එන්ඩියුරන්ස් චැලේන්ජ් ඔරු පැදීමේ තරඟාවළියේ ශූරතාවය රන් පදක්කම් 4 ක් රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ලබාගත් ශී්‍ර ලංකා ගුවන් හමුදා ඔරු පැදීෙමි කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය. තරඟාවළිය පසුගිය ජූලි මස 25 සහ 26 යන දිනයන්හිදී බොල්ගොඩ ජලාශයේදි පවත්වන ලදි.

මෙම තරඟාවළියේදී ක්‍රීඩකයින් කොක්ස්ඩ් එයිට් ඉසව්ව යටතේ කි. මී. 10 ක දුරක්ද, සිංගල් ස්කුල්ස් යටතේ කි. මී. 6 ක දුරක් සහ කේ1 කායාක් ඉසව්ව යටතේ කි. මී. 5 ක දුරක් තරඟ වදින ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ පළමු වතාවට කොක්ස්ඩ් එයිට් තරඟ පවත්වන ලද අතර එහි ශූරතාවය ගුවන් හමුදාව විසින් දිනා ගැනීම ගුවන් හමුදාවේ ඔරු පැදීමේ ක්‍රීඩාව ලැබූ මහගු ජයග්‍රහණයකි.

ප්‍රථීපල

පිරිමි විවෘත කොක්ස්ඩ් එයිට්
පළමු ස්ථානය
සැරයන් ඇලෝසියස් සී
කෝප්‍රල් රණසිංහ ආර්එම්යූ
නායක ගුවන් භට ප්‍රනාන්දු බීටීඒ
නායක ගුවන් භට ජයරත්න ඩබ්ජීඅයි
නායක ගුවන් භට සඳරුවන් ඒඒඩී
නායක ගුවන් භට කාරියවසම් කේඑස්ටීඑස්එන්
නායක ගුවන් භට මංජුල ජීජේවීපීඑච්
නායක ගුවන් භට සමරවීර එච්ඩීඑස්
නායක ගුවන් භට සංජීව කේජී

පිරිමි විවෘත සිංගල් ස්කුල්
පළමු ස්ථානය - නායක ගුවන් භට චන්ද්‍රකුමාර ආර්කේකේ
දෙවන ස්ථානය - නායක ගුවන් භට චතුරංග එම්කේබී

කාන්තා විවෘත සිංගල් ස්කුල්
දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා දිල්හාරි ආර්ඒඑම්

කායකින්

පිරිමි විවෘත කේ1 මීටර් 5000
පළමු ස්ථානය - නායක ගුවන් භට තරංග ඩීවීජීඅයි
දෙවන ස්ථානය - නායක ගුවන් භට ජයසිංහ ආර්එම්එස්එච්

පිරිමි විවෘත කේවල මීටර්200
පළමු ස්ථානය - නායක ගුවන් භට ජයසිංහ ආර්එම්එස්එච්
දෙවන ස්ථානය - නියක ගුවන් භට තරංග ඩීවීජීඅයි

කාන්තා විවෘත කේවල මීටර් 200
තුන්වන ස්ථානය - නායක ගුවන් කාන්තා දිල්හාරි ආර්ඒඑම්


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.