ගුවන් හමුදාධිපතිතුමන් ඉන්දියානු සංචාරයක

ඉන්දීය ගුවන් හමුදාපතිතුමන්ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරතවිය.     

එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඉන්දියානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ තම සමකාලීන උපාධිදාරීන් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

අමර් ජවන්යෝති ස්මාරකය වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් විසින් පුෂ්පෝපහාරයක් සිදු කරන ලදි. අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ඉන්දීය ගුවන් හමුදා මුලස්ථානයට පැමිණිමෙන් පසු ඉන්දියානු ගුවන් හමුදාධිපති එයාර් චීප් මාර්ෂල් අරුෆ් රහා විසින් එතුමන්ව සුහදව පිළිගන්නා ලදි. ඉන්දියානු ගුවන් හමුදාව විසින් එතුමන් පිලිගැනීම සදහා සමිමාන මුර පෙළපාලියක්ද පැවැත්විණ. ගුවන් හමුදාධිපතිතුමන් වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද ඉන්දීය ගුවන් හමුදාධිපති නිළ නිවසේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්, ආරක‍ෂක ඇමති, ආරක‍ෂක ලේකමි ඇතුලූව යුධ හා නාවික හමුදාවන්හි පුධානීන්ද හමුවිය.

සංචාරය අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් විසින් හින්දු ඉංජිනේරු සමාගමක් නැරඹිම සදහා සහභාගී වු අතර අනතුරුව බුද්ධගයාව හා තිරුපති කෝවිල යන පුජනීය ස්ථාන වැදපුදා ගන්නා ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.