අන්තර් සමාජ පාපැදි තරගාවලිය

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පාපැදි කි‍්‍රඩක ජීවන් ජයසිංහ  අන්තර් සමාජ පාපැදි තරගාලියේ පිරිමි අංශයේ විශිෂ්ඨතා කුසලානය දිනාගනිමින් ඊයේ දින (02) විහාරමහාදේවී උද්‍යානය අසලින් තරගය අවසන් කරන ලදි.

මෙම තරගාවලියේදී ජීවන් ජයසිංහ ලකුණු 12 ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ සදහා ඔහු විසින් විනාඩි 55 යි තත්පර 05 ක් වැය කරන ලදි. තවද කාන්තා අංශය නියෝජනය කරමින් ගුවන් කාන්තා නිරෝෂිණි පෙරේරා හා දිනේෂා දිල්රුක්ෂි යන ගුවන් කාන්තාවන් පිළිවෙලින් ලකුණු 07 ක් සහ ලකුණු 11 ක් බැගින් ලබා ගනිමින් දෙවන හා තෙවන ස්ථාන දිනාගැනීම සමත් විය.

23 න් පහළ කාණ්ඩය යටතේ තරග කල ගුවන් භට මයුර නිමල්ක සහ සංජු දීමෝන්ත පිළිවෙලින් 02 වන සහ 03 වන ස්ථාන ලබා ගැනීමට සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.