රණවිරුවන් අනුස්මරණය කිරීමේ මුස්ලිම් ආගමික පුජෝත්සවය - 2015

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ මුස්ලිම් ආගමික පූජෝත්සවය , 2015 අගෝස්තු මස 10 වන දින 0900 පැයට කොල්ලූපිටිය ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල  මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම මුස්ලිම් ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබලුන්න් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා රණවිරුවන් සිහිකර යාඥා කිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරීම මෙහිදී සිදු විය.

මෙම ආගමික පුජෝත්සවය සඳහා ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා කදවුරු/ ඒකක නියෝජනය කරමින් විවිධ වෘත්තීන් වල ගුවන් භටයෝ සහභාගී වුහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.