ආධුනිකයන්ට ගුවන් යානා තාක්‍ෂණික මුලික දැනුම - අගෝස්තු නිවාඩු වාරය

පාසල් සිසු දරු දැරියන් උදෙසා පවත්වනු ලබන ගුවන් යානා තාක්‍ෂණය පිළිබද මූලික දැනුම ලබා දීමෙි තුන් දින වැඩමුලුව පසුගිය අගොස්තු මස 05 වන දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදි. මෙම වැඩමුලුව අගෝසතු මස 03 වන දින ආරමිභ වූ අතර සිසු දරු දැරියන් 360 ක් පමණ සහභාගී විය. 

සහභාගී වූ අය සදහා ගුවන්යානා ක්ෂේත‍්‍රයට අදාල තොරතුරු පිළිබදව මුලික දැනුමක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් දේශනයන් හා ආදර්ශනයන් සදහා යොමු කරන ලදි.  අනතුරුව මනා පාලනයකින් හා සමිපූර්ණ අධීක්ෂණය යටතේ ඒවා පිළිබදව ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකමි මගින් දැනුම එක්රැස් කර ගැනීමට අවස්ථාව ලබා දෙන ලදි. තවද අගෝස්තු නිවාඩු වාරය තුල වැඩමුලූ 05 ක් පැවැත්වීමටද සැලසුමි කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.