ජාතික බර ඉසිලීෙමි ශූරතාවලිය - 2015

48 වන පිරිමි හා 13 වන කාන්තා ජාතික බර ඉසිලීෙමි ශූරතාවලිය - 2015 තරගාවලිය කොළඹ ක්‍රීඩා පුහුණු නේවාසිකාගාර ගොඩනැගිලි පරිශ්‍රයේදී 11 සහ 12 යන දෙදින තුල පවත්වන ලදි. තරගාවලියට සහභාගී වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීෙමි කණ්ඩායම රන් පදක්කමි 06 ක් සහ රිදී පදක්කමි 06 ක් දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය තුල නායක ගුවන් කාන්තා වික්‍රමසිංහ ඩබි.එමි.ඒ.එස් ශ්‍රී ලංකා වාර්තා දෙකක් තැබීමට සමත් විය. කිලෝ ග්‍රැම් 75 බර පන්තිය නියෝජනය කරමින් ක්ලීන් හා ජර්ක් තරග අංශයෙන් කිලෝ ග්‍රැම් 88 ක් එසවීම හා මුලූ බර කිලෝ ග්‍රැම් 155 ක් ඉසිලීම සිදු කරමින් මෙම වාර්තා වලට ඇය විසින් හිමිකමි කියන ලදි.

තවද නායක ගුවන් භට පීටස් එස්එමි විසින් කිගෝ ග්‍රැම් 94 බර පන්තිය නියෝජනය කරමින් නව ශ්‍රී ලංකා වාර්ථාවක් තැබීමට සමත් විය.  අවසානයේදී ඔහු විසින් ක්ලීන් හා ජර්ක් තරග ඉසවිව සදහා සහභාගී වූ අතර ඔහු දැැරූ සියලූ උත්සාහයන් අසමත් වීම හේතුවෙන් එම ඉසවිව සදහා සුදුසුකමි ලැබීමට නොහැකි විය.

ක්‍රීඩා සංවර්ධන අධ්‍යක‍ෂක ජෙනරාල් කේඩීඑස් රුවන් චන්ද්‍රා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.