සහෘදයෙකුගේ සමුගැනීම

බළඝණ නායක ජයසිංහ පතිරන්නැහෙලාගේ සමපත් පතිරණ (02471) හදිසි අසනීප තත්වයක් හේතුවෙන් 2015 අගෝස්තු මස 15 වන දින අභාවප‍්‍රාප්ත විය.

2002 වසරේදී පරිපාලන රෙජිමේන්තු නිළධාරියෙක් ලෙස, 41 වන කැඩෙට් නිළධාරී පාඨමාලාව හදාරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට එක් වූ සම්පත් වර්ෂ 2003 දී අධිකාරියට පත්විය. වයස අවුරුදු 35 ක් වූ මෙම ගුවන් හමුදා නිළධාරීයා ගුවන් හමුදාවේ විවිධ කඳවුරු වලට තම සේවය ලබාදී තිබෙන අතර භූමිගත ආරක්ෂණ අංශයෙන්ද විශේෂ පුහුණුවක් ලබා ඇත.

දේහය නො.139/17 මාහේනවත්ත, අස්වෙන්නවත්ත, දිවුලපිටිය නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 2015 අගෝස්තු මස 17 වන දින 1500 පැයට පූර්ණ හමුදා ගෙෘරව සහිතව සිදු කෙරේ.

ඔහුගේ ප‍්‍රිය භාර්‍යාව  වන කාන්චනාට හොඳ ස්වාමිපුරුෂයෙකු මෙන්ම ගුවන් හමුදාවට හොඳ සේවා පුද්ගලයෙකු ,මහත්මයකු වූ සහෝදර නිළධාරීයෙකු අහිමි වීම විශාල පාඩුවකි. 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.