රටවල් කිහිපයක ආරක්ෂක නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙති

ඉන්දියාව, ඉරානය, එක්සත් රාජධානිය, චීනය, පෝලන්තය, ඕස්ට්‍රේලියාව, රුසියාව, යන රටවල ආරක්ෂක නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවීමට පසුගිය දිනවලදී ගුවන් හමුදා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.

ඉන්දීයවේ ආරක්ෂක නියෝජිත කැප්ටන් ප්‍රකාෂ් ගෝපාලන් මහතා 2015 ජුනි මස 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය.

2015 ජුලි මස 07 වන දින ඉරානයේ ආරක්ෂක නියෝජිත කර්නල් ඒබ්‍රහිම් රොහාණි මහතා ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය.

එක්සත් ජනපදයේ ආරක්ෂක නියෝජිත එල් ටී සී රොබර්ට් නොක්ස් රෝස් මහතා 2015 ජුලි මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය.

2015 ජුලි මස 07 වන දින චීනයේ යුධ, නාවික, ගුවන් ආරක්ෂක නියෝජිත කර්නල් ලී චෙන්ග්ලින් මහතා ගුවන් හමුදා මූලස්ථානයෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය.

පොලන්තයේ ආරක්ෂක නියෝජිත කර්නල් ස්ටැවෝමිර් කොල්ටුන් මහතා 2015 ජුලි මස 22 වන දින ගුවන් හමුදා මූලස්ථානයෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය.

2015 අගොස්තු මස 04 වන දින ඕස්ටේ‍රිලියාවේ ආරක්ෂක නියෝජිත කැප්ටන් ජාසන් සීසර්ස් මහතා ගුවන් හමුදා මූලස්ථානයෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය.

රුසියාවේ ආරක්ෂක නියෝජිත කර්නල් ඩිමිට්රි ඒ මිකලොව්ස්කි මහතා 2015 ජුලි මස 13 වන දින ගුවන් හමුදා මූලස්ථානයෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය.

මෙම රටවලින් පැමිණී ආරක්ෂක නියෝජිතයින් හා ගුවන් හමදාධිපතිතුමන් අතර හමුවීම් සිහිපත් වීම පිණීස සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.



ඉන්දියාව


ඉරානය


එක්සත් ජනපද


චීනය


පෝලන්තය


ඕස්ට්‍රේලියාව


රුසියාව
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.