04 වන ආසියාතික හොකී ශූරතාවලියේ ඉදිරියෙන් සිටීමට ගුවන් හමුදාව සමත්වේ

ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම හොකී තරගාවලිය සදහා ආසියාතික රටවල් 06 සහභාගී වීමට නියමිතව තිබූ නමුත් පකිස්තානය හා මලයාසියාව පමනක් සහභාගි වීම කාගේත් කතාබහට ලක්විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාතලේ හොකී කණ්ඩායම හා ප්‍රථම වතාවට තනි ක්‍රීඩා සමාජයක් ලෙස ගුවන් හමුදා හොකී කණ්ඩායම තරග බිමට පිවිසීම විශේෂත්වයකි.

තරගාවලියේ ප්‍රථම තරගය පසුගිය දා (06 ජුනි 10) ගුවන් හමුදා කණ්ඩායම හා මාතලේ කණ්ඩායම අතර මාතලේ කෘතීම ක්‍රීඩා පිටියේදී පැවැත් වූ අතර ගෝල 3-0 ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සම්ත් විය.

තරගාවලියේ දෙවන තරගය (07 ජුනි 10)  මලයාසියානු කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවැත්වුනු අතර 2-6 ලෙස තරගයේ ජය හිමි කරගැනීමට
මලයාසියානු කණ්ඩායම සමත් විය.අන්තර් ජාතික මට්ටමේ අත්දැකීම් ඇති ක්‍රීඩකයින් තරගයට සහභාගි නොවීම ගුවන් හමුදා කණ්ඩායමේ  පසුබැමට ප්‍රබල හේතුවක් විය.

ඉදිරියේදී පැවැත් වීමට නියමිත පකිස්තාන හා ගුවන් හමුදා කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහනය හෝ ජය පරාජයෙන් තොරව තරගය නිමා කිරීමට හැකි වුවහොත් ප්‍රසාද ලකුණු මට්ටමෙන් ඉදිරියෙන් ගුවන් හමුදා කණ්ඩාම සිටින බැවින් අවසන් මහා තරගයට ට සහභාගි වීමට වරම් ලැබෙනු ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.