විශිෂ්ටයන්ගේ මතකයන් අවධි කිරීම

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හා සමන්ති බුලත්සිංහල මහත්මියගේ ආරාධනයෙන් හිටපු ගුවන් හමුදාධිපතිවරුන් මිත‍්‍රශීලීව පිළිගැනීමේ උත්සවයක් සමගින් රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් පසුගියදා (21) ගුවන් හමුදාධිපතිතුමාගේ නිළ නිවසේදී පැවැත්වුණි. ගුවන් හමුදාෙවි හිටපු හමුදාපති වරුන් එකම වහලක් යටට නිළ වශයෙන් එක් රැස් වූ මෙම අවස්ථාව ඔවුන් ගුවන් හමුදාවේ හමුදාපති දූරය දැරූ නිළ කාළයෙන් පසු ගුවන් හමුදාධිපති නිළ නිවාසයට පැමිණි ප‍්‍රථම අවස්ථාව වු අතර  සැබැවින්ම මෙම සිදුවීම ගුවන් හමුදාවේ ඓෟතිහාසික සන්දිස්ථානයක් සනිටුහන් විය.

එයාර් චීෆ් මාර්ෂල් පැඞී මෙන්ඩිස්, එයාර් චීෆ් මාර්ෂල් වෝල්ටර් ප‍්‍රනාන්දු, එයාර් චීප් මාර්ෂල් ඔලිවර් රණසිංහ, එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩි පෙරේරා, එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අෙබිවික‍්‍රම, එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක යන ආරාධිත අමුත්තන් හා ඔවුන්ගේ භාර්්‍යාවන් ඇතුලූ හිටපු ගුවන් හමුදාධිපතිවරයෙකු වන හැරී ගුණතිලක මහතාගේ භාර්්‍යාව වන ෙමිරියන් ගුණතිලක මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.

 ආරක්‍ෂක ලේකමි බීඑමියූඩි බස්නායක මහතා, යුධ හමුදාපති ලූතිනන් ජෙනරල් කි‍්‍රෂාන්තද සිල්වා මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා සහ ඔවුන්ගේ භාර්්‍යාවන් ඇතුලූ ගුවන් හමුදාවේ හිටපු අධ්‍යක්‍ෂක මණ්ඩල ප‍්‍රධානීන් දෙදෙනෙකු වන එයාර් වයිස් මාර්ෂල් ලක්සන් සල්ගාදු, එයාර් වයිස් මාර්ෂල් පීබී පේ‍්‍රමචන්ද්‍ර යන අයවලූන් ද මෙම අවස්ථාවට එක් විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.