මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ පිරිත් සජ්ජායනාවක්

සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පසුගිය අගෝස්තු මස 21 සහ 22 යන දිනයන්හිදී මඩකලපුව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බුද්ධික පියසිරිගේ අනු දැනුම මත කඳවුරේ වාර්ශික වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස මෙම පිරිත් වැඩසටහන සහ දානමය පුණ්‍ය කර්මය සිදු කරන ලදී.

මෙහිදී කඳවුරේ සේවය කරමින් සිටියදී රට දැය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කරන ලද වීරෝධාර ගුවන් විරුවන් සිහිකරමින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට සෙත් පැතීම මෙහිදී සිදු කරන ලදී. එසේම ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ගුවන් හමුදාවේ සියළුම සාමාජික සාමාජිකාවන් සහ ඔවුනගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට සෙත් පැතීමද සිදුකරන ලදී.

කඳවුරේ සියළුම සාමාජික සාමාජිකාවන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තම දායකත්වය දක්වන ලදී. ස්වාමීන් වහන්සේලා දහසය නමකට පසුදින දානය සහ අටපිරිකර පූජා කිරීම සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරීතුමන්, නිළධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගීවූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.