වව්නියාව ගුවන් හමුදා කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක්
එයාර් කොමඩෝර් ඩීකේ වනිගසූරිය විසින් වව්නියාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණ හා සියළු වගකීම් 2015 සැප්තැම්බර් මස 01 වන දිනි සිට ගෲප් කැප්ටන් ආර්ඒයූපී රාජපක්‍ෂ හට භාරදෙන ලදී.
ගුවන් හමුදා චාරිත‍්‍රානුකූල සම්මාන පෙළපාළියකින් අණදෙන නිළධාරී තනතුර භාර දුන් අතර එම පෙළපාලියට අණ දෙනු ලැබුවේ විංග් කමාන්ඩර් එස්ඩබ්සීපී බෝධිසීල යන නිළධාරීවරයා විසිනි. පෙළපාලිය අවසානයේදී කඳවුරු මූලස්ථාන පරිශ‍්‍රයේදී ආගමික වතාවත් සිදුකොට නව අණදෙන නිළධාරීවරයා හට සෙත් පතන ලදී.














