බංගලාදේශ ජාතික ආරක‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

බංගලාදේශ ජාතික ආරක‍ෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් 2015 සැප්තැම්බර් මස 03 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. බංගලාදේශය, නයිජීරියාව, ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා ජ්‍යෂ්ඨ නිළධාරීන් පිරිසක් හා බංගලාදේශ සිවිල් සේවා නියෝජිතයින් පිරිසක් මෙම විදේශ සේවා අධ්‍යයන චාරිකාවට සහභාගී විය.

ලූතිනන් ජෙනරල් චෞද්රි හසන් සර්වර්දි නියෝජිත පිරිසෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබීය.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක‍ෂක එයාර් වයිස් මාර්ෂල් එන් එචි වී ගුණරත්න විසින් පැමිණ සිටි නියෝජිත පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය වෙත පිළිගන්නා ලදි. මෙහිදී ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරී ගුවන් මෙහෙයුම් ගෘෘප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාෙවි කාර්‍ය භාරය හා අනාගත සැලසුමි පිළිබදව දේශනයක් පවත්වන ලදි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ද සහභාගී වී සිටියහ.

2015 සැප්තැම්බර් මස 2වන දින මෙම ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිගත ජාතික ආරක‍ෂක විද්‍යාලීය නියෝජිත පිරිසට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවී ඒ මහතා සමග ප්‍රශ්න සැසිවාරයක යෙදීමට ද අවස්ථාව උදාවිය.

මෙම ප්‍රශ්න සමාප්තිය සනිටුවහන් කරමින් ලූතිනන් ජෙනරල් චෞද්රි හසන් සර්වර්දි විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා වෙත සමරු ඵලක ප්‍රධානයක් සිදු කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් ද ලූතිනන් ජෙනරල් චෞද්රි හසන් සර්වර්දි වෙත සමරු ඵලක ප්‍රධානයක් සිදු කරන ලදී.




 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.