ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඇරඹෙි

ත්‍රිවිධ හමුදා හා විදේශිය රටවල යුධ සෙබලුන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ යුධ අභ්‍යාසය දියකාවා මෙහෙයුම කලාප 03 ක් ආවරණය වන පරිදි ඒකාබද්ධ පුහුණුවීමි දක්ෂතා,  ප්‍රදර්ශනයන් සහ නිදර්ශනයන් සමගින් ආරමිභ විය.

ගුවන් හමුදාව මෙම අභයාසය සදහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා එමි අයි 17 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සැපයුමි, පැරෂුටි පැනීමි, ගොඩබිම සිටින සෙබලුන් සදහා වෙඩි බලය සැපයීම, තුවාලකරුවන් ප්‍රවාහනය ආදිය පිළිබදව පුහුණුවීමි මෙම අභ්‍යාසය හරහා සිදු කරනු ලබයි. ගුවන් හමුදා මූලික කදවුර හිගුරක්ගොඩ හා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර ආශ්‍රිතව පිළිවෙලින් 2015 අගෝස්තු මස 24 දින සිට 29 දින දක්වා සහ 2015 අගෝස්තු මස 15 සිට 30 දින දක්වා  යුධ හමුදා විශේෂ බලකා සෙබලුන් සහ කොමාණ්ඩෝ සෙබලුන් හෙලිකොප්ටර් මගීන් යුධ මෙහෙයුමි සිදු කරන ලදි.

මෙම සියලුම ගුවන් අභ්‍යාස අවසානයේ විසිර යාමට ප්‍රථම පියාසර බලඝණයන්වල    සහභාගීත්වයෙන් සැප්තැමිබර් මස 02 වන දින හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරෙහි අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේදී සමාලෝචන රැස්වීම පවත්වන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.