අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන අදියර

අපි වෙනුවෙන් අපි දෙවන අදියර යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිකර නිමකරන ලද නිවාස සියයක් (100) රණවිරුවන් වෙත බෙදාදීම 2015 සැප්තැම්බර් මස 10 වන් දින අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කරන ලදී.

මෙම උත්සවය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද අතර ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සංකේතාත්මකව ජනාධිපතිතුමන් අතින් නිවාසයන්හි යතුරු ලබාගන්නා ලදී.

අපි වෙනුවෙන් අපි දෙවන අදියර යටතේ යුධ හමුදා සාමාජිකයින් 69 දෙනෙකු, නාවික හමුදා සාමාජිකයින් 17 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 14 දෙනෙකු හට නව නිවාස හිමි විය.

මෙයට සමගාමීව ගුවන් හමුදා සාමාජිකයින් 52 ක් ඇතුළුව 200 දෙනෙකුට අර්ධ වශයෙන් සාදා ඇති නිවාස නිම කර ගැනීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම සදහා මූල්‍යමය ආධාර ලබා දෙන ලදී.

පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා,ආරක්ෂක ලේකම්තුමන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, රජයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්, සන්නද්ධ සේවා නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.