ගුවන් හමුදා ක්‍රීඩකයින් තායිලන්තයේ විශිෂ්ට දක්ෂතා

2015 තායිලන්ත විවෘත ජවන හා පිටිය තරගාවලියේ  රිටි පැනීම තරගයෙන්  4 වන ස්ථානය දිනා ගනිමින්  ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් ගුවන් භට ඉෂාර සඳරුවන් ප්‍රමුඛ ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින්, ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට නැවත පැමිණියේය. නායක ගුවන් භට, සුමින්ද රණසිංහ එම තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

නායක ගුවන් භට සදරුවන් තම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කියුවේ උස මීටර් 4.9ක් ලබා ගනිමින්ය. එමෙන්ම  නායක ගුවන් භට රණසිංහ පෙනී සිටි ඔහුගේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 75.19 වාර්තා විය.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ දී ගුවන් හමුදාව නියෝජනය කල පිරිසක් විසින් පිළිගන්නා ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.