'ගුවන් ගමන් ආරක්ෂාව - 2015' පෝස්ටර් තරගාවලියේ ජයග්‍රහහකයන්ට තෑගි ප්රදානය කිරීමේ උත්සවය.

'ගුවන් ගමන් ආරක්ෂාව - 2015' පෝස්ටර් තරගාවලියේ ජයග්‍රහකයන්ට තෑගි ප්‍රදානය කිරීම 2015 සැප්තැම්බර්මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතින් සිදුවිය.
 
මෙහිදී ප්‍රථම ස්ථානයට හිමි රුපියල් 10,000 මුදලක් සැරයන් ගුණවර්ධන ඩීසීඑම් හිමිකර ගන්නා ලදී. දෙවැනි ස්ථානය ලෙස රුපියල්  7,500 මුදලක් බලපන්ති සැරයන් ධර්නසිරි කේඒආර් විසින් ද තෙවැනි ස්ථානය ලෙස රුපියල් 5000 මුදලක් ගුවන්භට සම්පත් අයිජීඑච් විසින් ද හිමිකර ගන්නා ලදී.

ගුවන් ගමන් ආරක්ෂක මණ්ඩලය මගින් සංවිධානය කරන ලද මෙම පෝස්ටර් චිත්‍ර තරගය සියලු ගුවන් හමුදා පුද්ගලයින්ට විවෘත තරගයක් විය.මෙම පෝස්ටර් තරඟයෙහි ප්‍රදාන අරමුණ වූයේ ගුවන් හමුදා ශබ්ද ආරක්ෂා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම හා හුරුකිරීමය.

ගුවන් ගමන් ආරක්ෂක නිලධාරී  එයාර් කොමඩෝර් එම්ඩීඒපී පායෝ ද මෙම උත්සවයට සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.