ද ක්ලිපර්ස් රූපලාවන්‍යාගාරයේ නවතම ශාඛාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී විවෘත කෙරේ

"ද ක්ලිපර්ස්" ගුවන් හමුදා රූපලාවන්‍යාගාරයේ නවතම ශාඛාවක් අද (2015 සැප්තැම්බර් මස 15) දින උදෑසන රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
 
මෙම රූපලාවන්‍යාගාරයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ කාන්තාවන් හට තම රූපලාවන්‍ය කටයුතු සිදු කර ගැනීමේ පහසුකම හිමිවේ. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ මූලිකත්වයෙන් මෙහි කටයුතු ආරම්භ කරන ලද අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී එස්එම් ලියනගේ මහත්මියගේ මූලිකත්වයෙන් එය යථාර්තයක් බවට පත් කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණ දෙන නිළධාරී එයාර් කොමඩොර් පීඩීකේටී ජයසිංහ, නිළධාරීන්, නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.