ගුවන් හමුදා සිවිල් සේවකයන් සඳහා ඇස් කණ්ණාඩි

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සංකල්පයක් මත තවත් සුභසාධන ව්යාපෘතියක් ලෙස සිවිල් සේවකයන් සඳහා අක්ෂි සායනයක්   ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විසින් සංවිධානය කරන ලදී.

රෝගීන් වෙත ඇස් කණ්ණාඩි ලබා දීම සඳහා උත්සවයක් ගුවන් හමුදා රෝහල ගුවන්පුර දී ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සමන්ති බුලත්සිංහල සභාපති මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (17 සැප්තැම්බර් 2015) දින පවත්වන ලදී. උත්සවාකාරයෙන් පැවති උත්සවයේ දී සේවා ලාභීන් 30 දෙනෙකු සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය කරන ලදී.

ආසන්න වශයෙන් 140 ක් සිවිල් සේවකයන් අක්ෂි සායනයේ සහභාගී වූහ. වෛද්‍යර දර්මරත්න, අක්ෂි ශල්‍ය විශේෂඥ විංග් කමාන්ඩර් අබේ ජයසේකර මහතා හා ගුවන් හමුදාවේ දෘෂ්ටි විශේෂඥයින්ගේ සහය ඇතිව අක්ෂි සායනයක් පවත්වන ලදී.

සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා, කොළඹ ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම් ඩී ඒ පී පායෝ, ජේයෂ්ඨ නිලධාරීන් සහ ගුවන් හමුදා සිවිල් කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.