ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර රත්මලාන

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2015 සැප්තැමිබර් මස 18 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන මූලික කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පී.ඩී.කේ.ටී ජයසිංහ මහතා පරීක්ෂණ පෙළපාලිය අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර පසුගිය වර්ෂය තුළ කටුනායක කදවුර තුලදී කළ විශිෂ්ඨ සේවාවන් හා කදවුරෙහි කාර්‍යයන් වෙනුවෙන් ලබාදුන් පොදු දායකත්වය අගයමින් එක් කනිෂ්ඨ අණ නොලත් නිළධාරියෙක් හා එක් ගුවන් භටයෙක්  ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් කදවුරේ සියලූ ස්ථාන පරීක‍ෂාවට ලක් කරන ලදී.    

පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමා විසින් රත්මලාන කඳවුරේ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයින් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කරමින් ඒ අය අමතා කථා කරන ලදී. අවසාන වශයෙන් එතුමන් අවධාරණයෙන් කියා සිටියේ මාතෘභූමිය ගොඩනැගීම සදහා නිරන්තරයෙන්ම ගුවන් හමුදාවේ දායකත්වය අවශ්‍ය බවයි.
 
ගුවන් හමුදාධිපති සම්මාන ලැයිස්තුව
28482 කෝප්‍රල් පුන්චිහේවා ඒ.සී
022842 නායක ගුවන් භට  සංජීව එල්.එම්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.