අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවළිය 2015

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර 2015 අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට අද (2015 සැප්තැම්බර් 19) දින සමත්කම් දක්වන ලදී. එහිදී චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණ්ඩායම අනුශූරතාවය හිමිකරගන්නා ලදී. තරඟාවළිය 2015 සැප්තැම්බර් මස 15 සිට 19 දින දක්වා තුම්මුල්ල ගුවන් හමුදා සෙඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී තරඟකරුවන් තරඟකාරියන් රාශියකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙහිදී මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට ගුණසේකර ජීආර් සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ සැරයන් විතාන එම්යූ විසින් පිළීවෙලින් පිරිමි සහ කාන්තා විවෘත ශූරතාවයට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් හමුදා බැඩ්මින්ටන් සංගමයේ සභාපති ගෲප් කැප්ටන් ආර් සේනානායක, ගුවන් හමුදා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් විංග් කමාන්ඩර් අමල් ඩයස්, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.