ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 6 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙල සදහා සහභාගී වෙයි

ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 6 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා පසුගිය ඉරිදා දින (2015 සැප්තැමිබර් මස 27) දිවයිනෙන් පිටත්ව ගියහ. මෙම ක‍්‍රීඩා උළෙල 2015 සැප්තැමබර් මස 02 වන දින සිට 2015 ඔක්තෝමිබර් මස 11 වන දින දක්වා දකුණු කොරියාවේ මුන්ජියෝන්ග්හිදී පැවැත්වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් ජවන හා පිටිය මළල ක‍්‍රීඩක/ ක‍්‍රීඩිකාවන් 18 දෙනෙකු (පිරිමි 10 ක් හා කාන්තා 08 ක්) හා ජාත්‍යන්තර කිර්තිය ලැබූ බොක්ෂින් කි‍්‍රඩකයන් 05 දෙනෙකු ඇතුලත්ය.

මෙම උළෙල සදහා සහභාගී වන කණ්ඩායෙමි ප‍්‍රධානියා ලෙස එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ මහතා කටයුතු කරන අතර මෙම තරගයෙන් තම මාතෘ භූමියට කිර්තිය ගෙන ඒම කණ්ඩායමේ අපේක්ෂාව වේ. රටවල් 110 ක් නියෝජනය කරමින් හමුදාවන්හි පිරිමි හා කාන්තාවන් නමදහසක් සහභාගී වන මෙම කි‍්‍රඩා උළෙල සදහා , "ක‍්‍රීඩාව තුලින් මිත‍්‍රත්වය"  යන ආදර්ශ පාඨය ලබා දී ඇත.

මෙම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ආරක්‍ෂක සේවා කි‍්‍රඩා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.