වරප‍්‍රසාද නොලත් පාසල් ළමුන් සඳහා ප‍්‍රජා ව්‍යාපෘති වැඩසටහනක් ගුවන් හමුදා වන්නි කඳවුරේදී

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට ආධාර බෙදාදීමේ ප‍්‍රජා ව්‍යාපෘති වැඩ සටහනක් 2015 සැප්තැම්බර් මස 30 වන දින වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ දී පැවැත්විණ.

මෙම වැඩසටහන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කඳවුරේ අණදෙන නිළධාරීගේ් ඉල්ලීම මත ශී‍්‍ර ලංකා ගුවන් හමදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රදානත්වයෙන් සිදු කෙරුණි.

හඳුනාගත් අවශ්‍යතා සහිත පාසල් තුනක් ලෙස නවජෝති විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු සඳහා පාසල් බෑග්, පාවහන්, ලිපි ද්‍රව්‍ය හා පාසල් නිළ ඇඳුම් ලබාදීම සිදුකරන ලද අතර තවද ව/ශ‍්‍රී ක‍්‍රිෂ්ණා විදුහල සහ ව/කෝවිල්මොඞ්ඩයි යන විදුහල් වලටද විවිධ භාණ්ඩ ප‍්‍රදානය කරන ලදී. 
  
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි කදවුරේ වත්මන් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රුක්මන් දිසානායක ඇතලූ කඳවුරේ සියලූම නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.