බංගලාදේශ ගුවන් හමුදා යුධ පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

බංගලාදේශ ගුවන් හමුදා යුධ පාඨමාලාව නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා  ජ්‍යයෂ්ඨ නිළධාරීන් 46 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් තම විදේශිය අධ්‍යයන කටයුතු සමිපුර්ණ කිරීම සදහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් 2015 ඔක්තෝමිබර් මස 06 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

නියෝජිත මණ්ඩලයේ් ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් ජෙනරල් මිඩි මෙෂ්බා වුල් අලාමි චව්ද්රි කටයුතු කල අතර ගුවන් හමුදා පුහුණු අධ්‍යක‍ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න විසින් ඔවුන් ගුවන් හමුදා මුලස්ථානයේදී සුහදව පිළිගන්නා ලදි.

අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුමි අධ්‍යක‍ෂකයේ ජ්‍යයෂ්ඨ නිළධාරී ගෘෘප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ,යුද්ධයට පෙර හා පසු කාර්‍යභාරය, පිළිබදව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි. දෙවනුව ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලයේ සහභාගීත්වයෙන් දෙපාර්ශවය අතර දෙරට අතර අන්‍යයෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබදව සාකචිජාවක් සිදු කරන ලදි.

සංචාරය අවසන් කරමින් ගුවන් හමුදාව හා පැමිණි නියෝජිත පිරිස අතර සංකේතාත්මක සිහිවටන හුවමාරුක් සිදු කරන ලදි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.