අන්තර් ඒකක කඹ ඇදීමේ තරඟාවළිය 2015

2015 අන්තර් ඒකක කඹ ඇදීමේ තරඟාවළිය අද (2015 ඔක්තෝම්බර් 06) සවස කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්‍ෂාංගය සහ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගැනිමට සමත්විය.

කටුනායක ගුවන් හමුදා කඳවුර සහ රත්මලාන ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයට හිමිකම් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින්, ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් කේ.සී. ගීතප‍්‍රිය, ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.