විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රධානෝත්සවය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන් හා හමුදා ප්‍රධානීන් 32 දෙනෙකු හට 'විශිෂ්ඨ සේවා විභූෂණ' පදක්කම ප්‍රධානය කිරීමේ වර්ණවත් උත්සවයක් අද දින (2015 ඔක්තෝම්බර් 08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුලුව යුධ, ගුවන් හා නාවික හමුදාවන් නියෝජනය වන පරිදි ජ්‍යෂ්ඨ නිළධාරීන් 32 දෙනෙකු හට මෙම පදක්කම පිරිනමනු ලැබූහ.

ත්‍රිවිධ හමුදාවන්හී නිත්‍ය සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගෙන්  විශිෂ්ඨත්වයෙන් හා ගෞරවාන්විතව කරනු ලැබූ පක‍ෂපාතී සේවාව අගයමින් මෙම ,විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම, ප්‍රධානය කරනු ලැබීය. ජාතික දින පෙලපාළියකදී හෝ ඒ වෙනුවෙන් සංවිධානය කරනු ලබන උත්සවයකදී මෙම පදක්කම පිරිනමනු ලබන අතර මෙම පදක්කම ප්‍රධානය කල දිනයේ සිට පදක්කමිලාභීන් හට විශිෂ්ඨ සේවා විභූෂණය යන සංකේතය තම නම ඉදිරියෙන් භාවිතා කිරීමට හැකියාව ලැඛෙනු ඇත.

විශ්‍රාමික ගුවන් හමුදා නිළධාරී එයාර් වයිස් මාර්ෂල් පී ඩී ජේ කුමාරසිරි මහතා ද මෙම පදක්කමින් පිදූම් ලැබූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන්ද මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.