ගුවන් හමුදා අන්තර් ඒකක ජූඩෝ තරගාවලිය - 2015

ගුවන් හමුදා අන්තර් ඒකක ජූඩෝ තරගාවලිය - 2015 තුම්මුල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී 2015 ඔක්තෝම්බර් මස 08 හා 09 දිනයන්හීදී පැවැත්විණ. ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් ක්‍රීඩකයින් 200කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිරිමි ශූරතාවය දිනාගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුර කාන්තා ශූරතාවය දිනාගැනීමට සමත් විය.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක රෙජිමේංතු පක්ෂාංගය සහ ශී්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනාගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් හමුදා ජූඩෝ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් කේ එෆ් ආර් ප්‍රනාන්දු ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයන් රැසක් ද සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.