ලෝක සන්නද්ධ සේවා ක්‍රිඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම යළී දිවයිනට පැමිණේ

දකුණු කොරියාවේඩ්දී පසුගියදා අවසන් වූ 06 වන ලෝක සන්නද්ධ සේවා ක්‍රිඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු සන්නද්ධ සේවා කණ්ඩායම කටුනායක බණ්ඩාරණායක ඡාත්‍යන්තර ගුවන් තොටුපලෙන් අද දින (13) දිවයින වෙත පැමිණෙන ලදි.

දිවයිනට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා උණුසුමි අයුරින් පිළිගැනිම සදහා යුධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අතුල ගලගමගේ, ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ ලේකමි විංග් කමාන්ඩර් පද්මන් ද කොස්තා ඇතුළු නිළධාරින් පිරිසක් එක් විය.

මෙම තරගාවලියේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෝකඩ පදක්කමක් දිනාගත් අතර එය මිටර් 100X 4 සහාය දිවීමෙි තරගය සදහා සහභාගි වු සුපුන් ප්‍රියදර්ශන අබේකෝන්, විනෝඡ් සුරංඡය,  මොහොමඩි අෂ්රාෆ් හා මොහොමඩි රාඡස්කාන් විසින් දිනා ගැනිමට සමත් විය.
 
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු සන්නද්ධ සේවා කණ්ඩායමෙි, කණ්ඩායමි භාර නිළධාරි ලෙස ගුවන් හමුදා විද්‍යුත් හා විදූලි සංදේශ අධ්‍යක්ෂක එයාර් වයිස් මාෂල් රොහාන් පතිරගේ සහභාගි වු අතර කණ්ඩායමි නායකයා ලෙස එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණද කණ්ඩායමෙි පුහුණුකරුවන් ලෙස ලෙෆ්ටිනන් කර්නල් එමි කේ පි ඡයසේකර, කැප්ටන් සි බෝපගොඩ හා බලලත් නිළධාරි ප්‍රසන්න යන සාමාජිකයන් කටයුතු කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.