ලෝක ප්‍රමිති දිනය සහ ජාතික තත්ව සතිය අනුස්මරණය - 2015

ලෝක ප්‍රමිති දිනය සහ ජාතික තත්ව සතිය (NQW)අනුස්මරණය කිරමට සමගාමීව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුග්‍රහය යටතේ දිවයින පුරා වාණිජ, කර්මාන්ත සේවා, සංවිධාන සහ පරීභෝගිකයන් නිරීක‍ෂණය කිරීමේ වැඩසටහනක් 2015 ඔක්තෝමිබර් මස 12 වන දින සිට 18 වන දින දක්වා ක්‍රියාත්මක කර ඇත.

"සමිමත ලොව පොදු භාෂාව" යන තේමාව සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව විධායක තත්ත්ව පාලන ඒකකය සමගින් ලෝක ප්‍රමිති දිනය අනුස්මරණය කිරීම සදහා 2015 ඔක්තෝමිබර් මස 14 වන දින එක් විය.

මෙම දිනය අනුස්මරණය වෙනුවෙන් තත්ව ධජය එසවීම සිදු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා පුද්ගලයන් හට ප්‍රමිතිකරණය සහ සියුමි කළමණාකරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ප්‍රධාන ක්‍රියාකාරකමි විය.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදා තත්ව පාලන ඒකකය මගින් තත්ව පිළිබද දැනුම බෙදා හදා ගැනීමේ අරමුණ පෙරදැඩි කරගෙන සමාජ සත්කාරය, සිවිල් සමාජය පිළිබදව දැනුවත්භාවය වැඩි දියුණු කිරීම යන අංශයන් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර, ගුවන් හමුදා මූලික කදවුර රත්මලාන,  ගුවන් හමුදා මූලික කදවුර හිගුරක්ගොඩ,  ගුවන් හමුදා මූලික කදවුර කටුනායක, අභයපුර මහා විද්‍යාලය ති්‍රකුණාමලය,කදවල නවෝද්‍යා මහා විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය හිගුරක්ගොඩ සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්්‍යාලය සීදූව යන ස්ථානයන්හි මෙම වැඩසටහන කි්‍රයාත්මක කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.