ශ්‍රී ලංකා ගුවන් හමුදා පළාලි කදවුරේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලාලි කදවුරේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් ජී එචි පී නානායක්කාර මහතාගේ මගපෙන්වීම මත සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් 2015 ඔක්තෝමිබර් මස 17 සහ 18 යන දෙදින එම කදවුරේදී පැවැත්විණි.

මාතෘ භූමිය ආරක‍ෂා කිරීමට දිවිපිදූ රණවිරුවන් සහ දැනට සේවයේ යෙදී සිටින සියලූ රණවිරුවන් සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික/ සාමාජිකාවන් හට පිං අනුමෝදනා කිරීමේ අදිටනින් මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය පවත්වන ලදි.

පිරිත් සජ්ජායනය ආරම්භය සනිටුවහන් කරමින් කදවුරේ සේවා පුද්ගලයන් විසින් සංවිධානය කර තිබූ අලංකාර පෙරහැරකින් බෞද්ධ භික‍ෂුන් වහන්සේලා කැටුව 'සධාතුක කරඬුව' පෙරහැරකින් වඩමිමා පිරිත් මණ්ඩපයේ තැන්පත් කරන ලදී. අනතුරුව කදවුරේ සියලූ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් භික්ෂුන්වහන්සේලා 14 නමක් සදහා අටපිරිකර පුජාවක් සහිතව මහා සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදි.

මෙම උතුම් කර්තව්‍යය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ අණදෙන නිළධාරී ඇතුලූ සියලූම නිළධාරීන් හා සෙසු නිළයන් සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.