මධ්‍යම අප්‍රිකාවෙි (MINUSCA) රාජකාරීන් සදහා පිටත්ව යන ආදේශන ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසිර යයි

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සදහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකයේ සේවා පුද්ගලයන්ගේ සේවා කාලය වසරක් අවසන්ව ඇති බැවින් ඔවුන් වෙනුවට අනුප්‍රාතික සේවා පුද්ගලයන් පිරිසක් මධ්‍යම අප්‍රිකාව වෙත යැවිම සදහා නියමිත ඇත.

ඒ සදහා ශ්‍රී ලංකාවෙන් පිටත්වයාමට නියමිත භට කණ්ඩායෙමි විසිරයාමේ පෙළපාලිය අද දින (2015 ඔක්තෝමිබර් 22) ගුවන් හමුදා මූලික කදවුර කටුනායකදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා වෙත තම උත්තමාචාර පුදකරමින් අභිමානවත් අයුරින් විසිර යන ලදි.

මෙම විසිර ගිය බලඝණය නිළධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිළයන් 94 දෙනෙකුගෙන් සමන්විත අතර මෙම බලඝණයේ අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් චමිල මනතුංග කටයුතු කරනු ලබයි. මෙම බලඝණය 2015 නොවැමිබර් මස පළමු සතිය තුල මධ්‍යම අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරී සදහා පිටත්ව යාමට නියමිත විසිරයාමේ පෙළපාලියේ අණ දෙන්නා ලෙස  විංග් කමාණ්ඩර් චමිල මනතුංග කටයුතු කරනු ලැබූ අතර මෙම  අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් විශාල පිරිසක්ද සහභාගි විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.